පොල් පැළ සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙයි

 




ශ්‍රී ලංකාවේ නව පොල් වගාව ඉලක්ක කර ගනිමින්, පොල් පැළ සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී තිඛෙනවා.

ඒ අනුව, මෙම රක්ෂණ ක්‍රමය යටතේ සහනදායී වාරිකයක් මත නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි සුළං, නායයෑම් සහ වන අලි හේතුවෙන් පොල් වගාවට සිදුවන හානි ආවරණය කිරීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එක් පොල් පැළයක් සඳහා රුපියල් 40 ක රක්ෂණ වාරිකයක් ගෙවීමෙන් වාර්ෂිකව රුපියල් 550 ක රක්ෂණ ආවරණයක් ලබාගත හැකි බවත්, උපරීම රක්ෂිත කාලසීමාව වන වසර 6 සඳහා රුපියල් 875 ක වාරික මුදලක් යටතේ එක් පොල් පැළයක් සඳහා වාර්ෂිකව රුපියල් 12,450 ක රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බවත් සඳහන්.

ස්වාභාවික ආපදා සහ වන අලි හානි වැනි අවදානම් හේතුවෙන් පොල් වගාකරුවන්ට සිදුවන පාඩු අවම කර ගැනීම මෙහි අරමුණ බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Comments